ෆොල්ක්නර්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ෆොල්ක්නර්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ජෙම්ස් ෆොල්ක්නර්ගේ විශිෂ්ට පන්දු යැවීමත් ෂේන් වොට්සන්ගේ වේගවත් පිතිහරඹයත් හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමග ජායිපුර් හිදී පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 144ක් පමණි. ඩැරන් සැමී පන්දු 41කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් ලකණු 60ක් වාර්තා කළේය. නායක කුමාර් සංගක්කාරට ලබාගත හැකිවුයේ ලකුණු 4ක් පමණි. තරගයේ වීරයා වු ජෙම්ස් ‍ෆොල්ක්නර් ලකුණු 20කට කඩුලු 5ක් බිඳ හෙළීය.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකයෝ තරග නිමවීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. තරගය ජයග්‍රණය කරා ගෙන ගිය ෂේන් වොට්සන් නොදැවී ලකුණු 98ක් රැස් කළේය. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 53ක් වැයවිය.

සන්රයිසස්-144/9යි. (ඕවර 20) ඩැරන් සැමී 60, අමිත් මිශ්රා 21 (ජෙමිස් ෆෝල්ක්නර් 20/5, අජිත් චාන්ඩිලා 13/2)

රාජස්ථාන්-146/2යි. (ඕවර 17.5) ෂේන් වොට්සන් නොදැවී 98, ඩ්‍රාවිඩ් 36.

මුම්බායි පිලට ලකුණු 58ක ජයක්

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමග මුම්බායිහිදී පැවැති තරග‍යෙන් ලකුණු 58ක ජයක් මුම්බායි ඉන්දියන්ස් පිලට හිමිවිය.

කාසියේ වාසිය දිනු මුම්බායි පිල කඩුලු 7කට ලකුණු 194ක් රැස්කළේය. ඩිවේන් ස්මිත් ලකුණු 50ක් වාර්තා කළ අතර දිනේෂ් කාර්තික් ලකුණු 43ක් ලබාගත්තේය. විනේ කුමාර් ක්‍රියාත්මක කළ ඉනිමේ 18වැනි ඕවරයේදී පිට පිට කඩුලු 3ක් බිඳ වැටිණි. ඕවරයේ 2 පන්දුවේදී සිවුවැනි කඩුල්ල ලෙස දිනේෂ් කාර්තික් දුවද්දී දැවීයාමට හසුවු අතර තෙවැනි පන්දුවේදී අම්බට් රයිදු දුවද්දී දැවී ගියේය. සිවුවැනි පන්දුවේදී කිරාන් පොලාඩ් දැවී යාමට හසුවිය.

ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය රෝයල් ක්‍රීඩකයන්ට ඕවර 20 අවසානයේදී ලබාගත හැකිවුයේ ලකුණු 136ක් පමණි. ක්‍රිස් ගේල් ලකුණු 18කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන්ට ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණි. මේ තගරයේදී ලසිත් මාලිංග කඩුලු ලබාගැනීමට නොහැකිවිය.

‍ඩිවේන් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

මුම්බායි-194/7යි. (ඕවර 20) ඩිවේන් ස්මිත් 50, දිනේෂ් කාර්තික් 43.

‍රෝයල්-136/7යි. (ඕවර 20) විනේ කුමාර් ‍නොදැවී 26, රවි රාම්පාල් නොදැවී 23 (ධවාල් කුල්කර්නි 19/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා