මුද්‍රණය සඳහා

 
අනුලා ක්‍රිකට් ශූරියන්ට උපහාර

අනුලා ක්‍රිකට් ශූරියන්ට උපහාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ විස්සයි 20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගත් නුගේගොඩ අනුලා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් මේ මස 29දා පෙ.ව 8.00ට විද්‍යාලයීය විවෘත වේදීකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාතික පාසල් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ඒ.අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගීවන උත්සවය විදුහල්පතිනි නිර්මලා ඒකනායක මහත්මියගේ අනුශාසකත්වයෙන් ශ්‍යාමලී/ සුජීව (ක්‍රීඩා භාර ආචාර්ය) මෙහෙයවීමෙන් විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකරු සහන් මහතා‍ සහ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක‍ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]