|
||||
අයි.පී.එල්. අවසන් වටය චෙන්නායිවලින් නවදිල්ලියටචෙන්නායි නුවර මැයි මස 21 හා 22දින පැවැත්විමට නියමිත අයි.පී.එල්.තරගාවලියේ අවසන් වටයේ ප්‍රධානතම තරග දෙක නවදිල්ලි නුවරට මාරු කිරීමට තරග සංවිධායකයන් පියවර ගෙන ඇත. මීට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට චෙන්නායි නුවර පැවැත්වෙන තරග සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබීමය. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කරන කණ්ඩායම්වල අයිතිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතාව සැලකිල්ලට ගෙන මේ තීරණයට එළැඹ තිබේ. මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම හා දෙවැනි ස්ථානය අත්කර ගන්නා කණ්ඩායම අතර තරගය මැයි මස 21වැනිදාත්, තුන්වැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම හා සිවුවැනි ස්ථානය ලබාගන්නා කණ්ඩායම අතර තරගය මැයි මස 22වැනිදාත් පැවැත්වේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |