උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පහකරමින් ඉතාලියට නව සභාග රජයක්

උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පහකරමින් ඉතාලියට නව සභාග රජයක්

ජනාධිපති මාළිගයේ දී ඉතාලියේ නව සභාග රජය ප්‍රකාශයට පත් කිරීයෙන් පසුව ජනාධිපති නැපොලිටානෝට අතට අත දි ආචාර කරන ඉතාලි අගමැති එරින්කෝ ලෙටා ( දකුණු පස)

ඉතාලි මැතිවරණයෙන් අනතුරුව උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පහකරමින් නව සභාග රජය ඊයේ දිවුරුම් දීමට නියමිතව තිබුණි. ආර්ථික පසුබෑමට ලක්ව සිටි ඉතාලියට මෙන්ම යුරෝපාකරයටද මෙය අස්වැසිල්ලක් වූ බව විද්වතුන්ගේ මතයයි .

පසුගිය පෙබරවාරියේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයන් මධ්‍යස්ථ වාමාංශික පක්ෂය ජය ලැබුවත් රජයක් පිහිටුවීමට අවශ්‍ය තරම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීම හේතුවෙන් මාස කිහිපයක් පුරා එරට පැවතියේ දැඩි අර්බුදකාරී තත්ත්වයකි.

ඊයේ ජනාධිපති නැපොලිටානෝ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වූ 46 හැවිරිදි එරින්කෝ ලෙටා යුරෝපයේ ළාබාලම අගමැතිවරයා වනු ඇත . ඉන්පසු අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේ දී ඔහු රජයේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත . ඉන් අනතුරුව පාර්ලිමේතුවේ විශ්වාසය දිනා ගැනීමේ ඡන්ද විමසීම අඟහරුවාදා පැවැත්වෙනු ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා