|
||||
උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පහකරමින් ඉතාලියට නව සභාග රජයක්
ඉතාලි මැතිවරණයෙන් අනතුරුව උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය පහකරමින් නව සභාග රජය ඊයේ දිවුරුම් දීමට නියමිතව තිබුණි. ආර්ථික පසුබෑමට ලක්ව සිටි ඉතාලියට මෙන්ම යුරෝපාකරයටද මෙය අස්වැසිල්ලක් වූ බව විද්වතුන්ගේ මතයයි . පසුගිය පෙබරවාරියේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයන් මධ්‍යස්ථ වාමාංශික පක්ෂය ජය ලැබුවත් රජයක් පිහිටුවීමට අවශ්‍ය තරම් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීම හේතුවෙන් මාස කිහිපයක් පුරා එරට පැවතියේ දැඩි අර්බුදකාරී තත්ත්වයකි. ඊයේ ජනාධිපති නැපොලිටානෝ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වූ 46 හැවිරිදි එරින්කෝ ලෙටා යුරෝපයේ ළාබාලම අගමැතිවරයා වනු ඇත . ඉන්පසු අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේ දී ඔහු රජයේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත . ඉන් අනතුරුව පාර්ලිමේතුවේ විශ්වාසය දිනා ගැනීමේ ඡන්ද විමසීම අඟහරුවාදා පැවැත්වෙනු ඇත . |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |