මුද්‍රණය සඳහා

 
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර තුනක්

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර තුනක්

ඊයේ අළුයම ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට ගුවන් ප්‍රහාර තුනක් එල්ල කර ඇත . පලස්තීනයේ අන්තවාදී ජිහාඩ් සටන්කාමීන් එල්ල කොට සිදු කළ මෙම ප්‍රහාරවලින් කිසිවෙකුත් මිය ගොස් නැත .මින් දෙකක් එල්ල කර ඇත්තේ කාන් යුනිස් නගරයේ සන්නද්ධ ජිහාඩ් කල්ලියේ අල් -කුඩ්ස් හමුදාවටයි .

තුන්වැන්න එල්ල කර ඇත්තේ දකුණේ ඊජිප්තු දේශ සීමාවේ පිහිටි රෆා නගරයටයි . මේ අතර ඊශ්‍රායල බලධාරීන් විසින් කෙරිම් ෂලොම් කපොල්ල ද වසා දමා ඇත .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]