පෙමට පිටුපෑවාට යුද සෙබළාගෙන් උපාධිධාරිනියට පිහි පහර

ගෙල වැලලාගත් සැකකරුගේ දිවි ගැලවේ

ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට අකමැති වූ තරුණියගේ ගෙල කපා මරා ගෙල වැළලා ගැනීමට තැත් කළ පෙම්වතකු පන්නල පොලිසිය මඟින් ඊයේ (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»


ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්න

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2011 මැයි 04 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මෙරට රියැදුරන් ලක්ෂ 38න් ලක්ෂ 29කටම  රථවාහන නඩු

හොර බලපත්, මාර්ග නීති කැඩීම් බීමත්කම ප්‍රධාන හේතුවයි

ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 44ක්

ලක්ෂ 6ක් අත ඇත්තේ හොරට ගත් ලයිසන්

තිස්අට ලක්ෂයක් පමණ වූ මෙරට රියැදුරන් අතරින් ලක්ෂ 29ක් රථ වාහන වැරැදි කර නඩු පැවරීම්වලට ලක්වූවන් බව පොලිසිය අනාවරණය කරයි. මෙතරම් විශාල රියැදුරන් පිරිසක් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවීමට ප්‍රධානම හේතුව ලෙස රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති පී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා පෙන්වා දුන්නේ, රියැදුරන් ක්‍රමානුකූල ආකාරයට රියැදුරු බලපත්‍රයක් ලබා නොතිබීම, මාර්ග නීති රීති හරි හැටි අනුගමනය නොකිරීම සහ බීමත්ව රිය පැදවීම බවයි.

විස්තර»

මැයි රැලිවලට සුවිශේෂී පොලිස් ආරක්ෂාවක්

මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන පෙළපාළි සහ රැලි වලට සහභාගී වන ජනතාවට සුවිශේෂී ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දී තිබේ. ඒ අනුව පොලිස්පතිවරයා විසින් එදින ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධානාත්මක රාජකාරී ව්‍යුහයක් සකස් කර තිබේ.

විස්තර»

විදුලි බිල ගැන කිඹුල් කඳුළු හෙළන විපක්ෂයේ ක්‍රියා පිළිවෙළ හාස්‍යජනකයි

මධ්‍යම පළාත් මහ ඇමැති

විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට පිඹුරුපත් සැකසූ එ.ජා.ප.යත් විදුලිය ට්‍රාන්ස්පෝමර් ගිනි තැබීමට ක්‍රියා කළ ජ.වි.පෙ. යත් අද එක්ව ව්‍යාජ තොරතුරු ජනතාවට මවා පාමින් විදුලි බිල පිළිබඳ කිඹුල් කඳුළු හෙළීම හාස්‍යයක් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසයි.

විස්තර»

යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව එ.ජා. සහශ්‍රක සංවර්ධන ඉලක්ක ජය අරගෙන

යුද ගැටුම් නිමාවට පත්කොට දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම්කර තිබෙන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහශ්‍රක සංවර්ධන ඉලක්ක ජයගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම ප්‍රගතියත් සමඟ ආර්ථීක, දේශපාලනික හා සමාජයීය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විස්තර»


නැඟෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ධීවර හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නිල පුවත්පත වන '‍නැඟෙනහිර නවෝදානය' පුවත්පතේ මංගල කලාපය එළිදැක්වීම ඊයේ (29) ලේක්හවුස් ආයතනයේදී සිදු කෙරිණි. එහි මුල්පිටපත නැඟෙනහිර පළාත් කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ධීවර හා සංචාරක කටයුතු පිළිබද ඇමැති ඉංජිනේරු හාෆීස් නසීර් මහතා වෙත සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාග‍මේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරතන සෙනරත් මහතා පිළිගැන්වූ අයුරු. ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක මහතාද මෙහි සිටී. ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

පොදු රද මඬුලු‍ සමුළුව

මෙරට නොපැවැත්වීමට ඇතැමුන් ගත් වෑයම ව්‍යර්ථ කිරීමට රජය සමත් වුණා

සාධාරණය ඉටුවීම සතුටක් බව මහාචාර්ය ජී.එල්. කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීම මේ වසරේ ‍නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති තීරණය නැවත සලකා බැලීමට ඇතැම් කොටස් විසින් සැලසුම් සහගතව හා අඛණ්ඩව නොයෙකුත් උත්සාහයන් දැරුවද එම ප්‍රයත්න ව්‍යර්ථ කිරීමට රජයට හැකිවී තිබෙන බවත් සාධාරණය ඉටුවී ති‍බීම සතුටට කරුණක් බවත් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

විස්තර»


 

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවෝ රැසක් පෙරේදා (28) දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දැක බලා ගැනීමට පැමිණියහ. දින කිහිපයක සංචාරයකට පැමිණි මොවුන් නිදහස් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සියසින් දැක බලා ගෙන සතුටු සිතින් පසුවූ අයුරු ලුණම සමූහ සනත් ගමගේ සේයාරුවකට නගා ගත් අයුරු.



 

යුද හමුදාව උදයන්පත ගිනිතිබ්බේ
නායකයා කියයි යූ එන් පී ලබ්බේ
තොප්පිය කොහොම දැම්මත් හඳුනයි ලෙබ්බේ
අයියෝ අනිඡ්ඡං සංඛාරා සද්දේ