පොදු රද මඩුලු සමුළුවට නවසීලන්තයත් එනවාමයි

පොදු රද මඩුලු සමුළුවට නවසීලන්තයත් එනවාමයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව සඳහා නවසිලන්තයද සහභාගි වන බව නිල වශයෙන් දැනුම් දෙයි.

ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මේ සමුළුව සඳහා තමා හෝ තම නියෝජිතයෙකු ස්ථිර වශයෙන්ම සහභාගි කරවන බව නවසිලන්ත අගමැති ජෝන් කේ මහතා අවධාරණය කරයි.

ඇතැම් පාර්ශවයන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කළද එවැනි කණ්ඩායම් කිහිපයක් තමාගේ තීරණය අඟයකර තිබෙන බවද ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඉතාම යහපත් බවට එම කණ්ඩායම් පෙන්වාදී තිබෙන බවද නවසිලන්ත අගමැතිවරයා සදහන්කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව වර්ජනය කරන ලෙන විවිධ අවස්ථාවන්හිදී කැනඩාව විසින් ප්‍රකාශ කළද මේ සඳහා සාමාජික රටවල් විශාල ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා