හොරෙන් විදුලිය ගත්තැයි දඩ

හොරෙන් විදුලිය ගත්තැයි දඩ

වංචනික ලෙස විදුලිය පාරිභෝජන කළ බවට චෝදනා ලැබූ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස හිමියකුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය රුපියල් දසදහසක දඩයක් නියම කළාය.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක්ද එම සැකකරුට නියම කළ මහේස්ත්‍රාත් විදුලි බල මණ්ඩලයට සිදුකළ පාඩුව මැයි මස තුළ මණ්ඩලයට ගෙවා අධිකරණයට වාර්තාකරන ලෙසට චූදිතට නියම කෙළේය.

විදුලි මීටරයට අනියම් බලපෑම් සිදුකැර වංචනික ලෙස විදුලිය ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක පමණ මුදලක් පාඩු සිදුකලැයි චෝදනා කරමින් දෙමටගොඩ පොලිසියේ පො: කො: සෙනෙවිරත්න (76917) මහතා මෙම සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙළේය.

ඒ අවස්ථාවේ අදාළ චෝදනාවට ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය චූදිතට ඉහත කී ලෙස දඩ හා ඇප නියම කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා