විදුලි බිල ගැන කිඹුල් කඳුළු හෙළන විපක්ෂයේ ක්‍රියා පිළිවෙළ හාස්‍යජනකයි

විදුලි බිල ගැන කිඹුල් කඳුළු හෙළන විපක්ෂයේ ක්‍රියා පිළිවෙළ හාස්‍යජනකයි

මධ්‍යම පළාත් මහ ඇමැති

විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට පිඹුරුපත් සැකසූ එ.ජා.ප.යත් විදුලිය ට්‍රාන්ස්පෝමර් ගිනි තැබීමට ක්‍රියා කළ ජ.වි.පෙ. යත් අද එක්ව ව්‍යාජ තොරතුරු ජනතාවට මවා පාමින් විදුලි බිල පිළිබඳ කිඹුල් කඳුළු හෙළීම හාස්‍යයක් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසයි.

එදා විදුලි ට්‍රාන්ස්ෆෝමර්වලට බෝම්බ ඇටවූ කොටි ත්‍රස්තවාදීන්ට එදත් අදත් කඩේ යන එන්ජීයෝ නඩයද විදුලි බිල ගැන මෙදා කිඹුල් කඳුළු හෙළන බව ඒ මහතා කීය.

මහනුවර පිහිටි මහ ඇමැති නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ඇමැතිවරයා මේ බැව් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා