යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව එ.ජා. සහශ්‍රක සංවර්ධන ඉලක්ක ජය අරගෙන

යුද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව එ.ජා. සහශ්‍රක සංවර්ධන ඉලක්ක ජය අරගෙන

යුද ගැටුම් නිමාවට පත්කොට දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම්කර තිබෙන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහශ්‍රක සංවර්ධන ඉලක්ක ජයගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම ප්‍රගතියත් සමඟ ආර්ථීක, දේශපාලනික හා සමාජයීය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මේ වනවිට සියයට 7.5ක ආර්ථීක වර්ධන වේගයක් අත්කරගෙන තිබෙන ශ්‍රී ලංකාවේ වර්තමාන ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2,923ක් බවද එළඹෙන 2016 වනවිට එම අගය අමෙරිකානු ඩොලර් 4,000 දක්වා ඉහළ නැංවීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන බවද ඒ මහතා පෙන්වාදෙයි.

සුප්‍රකට Forbes සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන්කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා