මුද්‍රණය සඳහා

 
තමන් සිටින තැන සිට ශ්‍රී පාදස්ථාන වඳින්න වරම්

තමන් සිටින තැන සිට ශ්‍රී පාදස්ථාන වඳින්න වරම්

ශ්‍රී ලංකාව පුරා සිටින බෞද්ධයින්ට තමන් සිටින ස්ථානයේ සිට ශ්‍රී පාදය වැඳපුදා ගැනීම හැකි වන ලෙස ශ්‍රී පාදස්ථානයට විශේෂ ආලෝක පද්ධතියකින් ආලෝකවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

මේ විශේෂ විදුලි ආලෝක පද්ධතිය විදේශ රටකින් මේ වන විටත් ඇනවුම් කර ඇති බවත් ලබන මාසයේදී මේ ආලෝක පද්ධතිය සවි කිරීමට නියමිත බවත් ඓතිහාසික පැල්මඬුල්ල පුරාණ රජමහා විහාරය, රත්නපුර කරන්ගොඩ පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති රූප අරුණ පිරිවෙන් විද්‍යායතනයේ ශ්‍රී රතනපාල ධර්මායතනයේ පරිවේණාධිපති ශ්‍රී පාදස්ථාන විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පැවසූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]