කෘෂිකර්ම ගැටලු විසදීමට දිස්ත්‍රික් කමිටු රැස්වීම් රටපුරා

කෘෂිකර්ම ගැටලු විසදීමට දිස්ත්‍රික් කමිටු රැස්වීම් රටපුරා

කෘෂිකර්මාන්තයේ පැන නැගී ඇති ගැටලුවල නිරවද්‍යතාව සහ ඊට අදාළ විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කෘෂිකර්මික කමිටු රැස්වීම් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම රැස්වීම් සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගිවීමට තිරණය කර ඇති බව අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික් මට්ටමින් පවත්නාවු කෘෂිකර්මික ගැටලු හා ඊට අදාළ වගකිව යුතු නිලධාරි මේ වන විට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ගත හැකි කඩිනම් පියවර මොනවාද යන්න පිළිබඳ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරු සමඟ සාකච්ජා කිරීම මෙහි අරමුණ වී ඇත.

ඒ අනුව ඉදිරියේදී පවත්වනු ලබන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම් මඟින් සෑම දිස්ත්‍රික්කයකම පවත්නාවු කෘෂිකාර්මික ගැටලු සඳහා කඩිනමින් විසදුම් ලබාදී කෘෂිකර්මාන්තයේ නව පුනර්ජිවයක් ඇති කිරීම මෙමඟින් අෂේක්ෂිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා