|
||||
නිවෙසටම විත් ගිනි පොලියට ණය ලබා දී ජනතාව සූරාකන කල්ලියක් සිටිනවාසණස සංවත්සර උත්සවයේ දී කිරම නන්දරතන හිමියෝ පවසති යතුරු පැදිවලින් පැමිණෙන සූට්කේස් මූල්‍ය සංවිධාන ගෙවල්වල කුස්සියටම ගොස් කාන්තාවන්ට සුරංගනා ලොවක් මවා පෙන්වමින් අධික පොලියට ණය මුදල් ලබා දීමට පෙළඹී සිටිනවා. එමඟින් අහිංසක පවුල්වල සියලු ආදායම් ඒ අයට නොදැනෙන්නට සොරාගන්නවා. මෙවැනි අහිතකර තත්ත්වයන් වළක්වාලිය හැක්කේ ස.ණ.ස වැනි දේශ හිතෛෂී මූල්‍ය සංවිධානයන් ගම තුළ ව්‍යාප්ත කිරීමෙන් පමණක් යැයි හෝමාගම, උඩුගහපත්තුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි කිරම නන්දරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ එසේ පැවැසුවේ පසුගිය දා පැවැති සීමාරහිත පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ ස.ණ.ස සමිතියේ සංවත්සර උත්සව සභාවේ මුලසුන ගෙන අදහස් දක්වමිනි. උන්වහන්සේ මෙසේ ද කීහ. “ආරම්භයේ දී බොහොම යටහත්ව පහත්ව කතා කරමින් කාන්තාවන්ගේ විශ්වාසය දිනා ගන්නවා. පසුව ඒ අයට ලැබෙන සහන, තෑගි බෝග, වාසි මවා පෙන්වනවා. ඉල්ලූ සැණින් ණය දෙනවා. පසුව ඇඟට නොදැනෙන්නට ගිනිපොලියක් අය කරනවා. අපේ කාන්තාවන් සිදු වූ දේ තේරුම් ගන්නා විට ගෙලටම හිරවෙලා අවසානයි.” “වෙනස්වන සමාජ තත්ත්වයන් හමුවේ අනෙකුත් මූල්‍ය ආයතන හා තරග කරන්නට ස.ණ.ස ව්‍යාපාරයට නොහැකි බව පේනවා ඒ සඳහා ශක්තිය ලැබෙන සේ කාලෝචිත වන පරිදි නීති රීති සංශෝධනය කිරීමේ හැකියාව ද තබා ගත යුතුයි. කුමන තත්ත්වයක් මත හෝ ගමේ ආර්ථික අවශ්‍යතා ගමට හිතකර වන පරිදි සපුරා ලීමට ස.ණ.ස ව්‍යාපාරයේ වගකීම” යැයිද උන්වහන්සේ කීහ. උන්දුරුගොඩ ස.ණ.ස සමිතියේ සභාපති සාම විනිසුරු කේ. කේ. වීරක්කොඩි මහතා ද කතා කළේය. ඉදිරි වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද මෙහි දී සිදු විය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |