මුද්‍රණය සඳහා

 
නාගොඩ මොරන් ඇළ සංවර්ධනයට

නාගොඩ මොරන් ඇළ සංවර්ධනයට

ගංවතුර උවදුරටත් පිළියම්

නාගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මොරන් ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තු - කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ මූලිකත්වයෙන් පසුගියදා ඇරඹිණි.

ඒ ගැන අදහස් දැක්වූ කළුතර ප්‍රාදේශීය සභා සභාපති දේශකීර්ති ලක්ෂ්මන් විදාන පතිරණ මහතා මෙසේ කීවේය.

“කැළෑමුල්ල කාණු පද්ධතිය සංවර්ධන ව්‍යාපෘතිය හා මොරන් ඇළ නිකටු ඇළ සංවර්ධ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා.”

“මෙම මොරන් ඇළ සංවර්ධනය වීමෙන් ගංවතුර උවදුර පාලනයට හා පුරන් කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීමට හැකිවෙනවා.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර - සමිත් ප්‍රනාන්දු මහතා මොරන් ඇළ අවහිර වීම පිළිබඳව අපි අවස්ථා කිහිපයක දී ඉල්ලීම් ඉදිරිපත් කළා. අද ඒ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබීම පිළිබඳව සතුටු වනවා.

නාගොඩ නිදහස් ගොවි සංවිධානයේ ලේකම් ඩී. හේමතිලක මහතා ගොවීන්ට පමණක් නොවෙයි ප්‍රදේශයේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයක් බවට මේ මොරන් ඇළ අවහිර වීම පත්ව තිබුණා.

කාලයක් තිස්සේ පුරන් ව ගිය අපේ කුඹුරු හොඳීන් වගා කිරීමට හා නාගොඩ ප්‍රදේශය වරින් වර යටවෙන ගංවතුර ප්‍රශ්නයට ද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් විසඳුම් ලැබෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]