මුද්‍රණය සඳහා

 
අක්කර 40ක් අස්වද්දයි

අක්කර 40ක් අස්වද්දයි

ඈතගම ප්‍රදේශයේ වසර විසිපහක පමණ කාලයක් පුරන්ව තිබූ අක්කර හතළිහක කුඹුරුයායක් ඈතගම විජයබා ගොවි සංවිධානය මඟින් සංවර්ධනය කර යල මහ දෙකන්නයම වගා කිරීමට හැකි කුඹුරු යායක් බවට පත්කළ බව එම ගොඩි සංවිධානය නියෝජිත අනුර නන්ද මහතා කළුතර ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීවේය.

මේ කෘෂිකර්ම කමිටු රැස්වීම කළුතර සහකාර අධ්‍යක්ෂ සැලසුම් තිලිණි නිමේෂා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]