පූනේ යළි පරදී

පූනේ යළි පරදී

අයි.පී.එල්.තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 15කින් පරාජයට වීමට පූනේ වොරියර්ස් පිලට සිදුවිය.

අසාර්ථක පිතිහරඹය හේතුවෙන් පූනේ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව සිටින ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් තරග වැදුණු පූනේ කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේය.

ඊට ඉහළින් පසුවන්නේ මහේලගේ නායකත්වයෙන් යුත් දිල්ලි කණ්ඩායමය. දෙපිලම තරග 9කදී ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ 2ක් පමණි.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත් අතර පූනේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලබාගත්තේ ලකුණු 149ක් පමණි.

දිල්ලි - 164/5 (ඕවර20) ඩේවිඩ් වෝනර් නොදැවී 51, ‍විරෙන්දර් ෂෙවාග් 28 (අශෝක් දින්දා 31/3)

පූනේ - 149/4 (ඕවර 20) රොබින් උතප්පා 37, ආ‍රොන් ෆින්ච් 37, යුවරාජ් සිං 31(ඉර්ෆාන් පතාන් 29/2, උමේෂ් යාදෙව් 24/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා