උතුරු මැද මහ ඇමැතිගෙන් පාපන්දු ක්‍රීඩකයාට දහසින් බැඳි පියලි

උතුරු මැද මහ ඇමැතිගෙන් පාපන්දු ක්‍රීඩකයාට දහසින් බැඳි පියලි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ජාතික පාපන්දු තරගවලට සහභාගිවී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් අනුරාධපුරයේ ගයාන් සුරනිමල ක්‍රීඩකයාට උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති හා ක්‍රීඩා ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් මහතා දහසින් බැඳි පියල්ලෙන් සංග්‍රහ කළේය.

කුඩා නිවසක ඉතා කටුක දිවි පෙවෙතක් ගෙවන මෙම ක්‍රීඩකයා 2009 වසරේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින 14ක් රැඳී සිටිමින් අන්තර් ජාතික තරගයකට සහභාගිවී රටට කීර්තියක් අත්කර දුන්නේය.

අනුරාධපුර යුනයිටඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ගයාන් සුරනිමල මව මිය යෑම, පියාගේ පාදයක් ඉවත් කිරීම, වැඩිමල් ‍සොයුරාගේ ඇසක් අන්ධවීම ද රැකියාවක් නොමැතිකමින් ද අසරණවී සිටියි.

ඒ බව දැනගත් උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති හා ක්‍රීඩා ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පසුගියදා මේ ක්‍රීඩකයා සොයා ඔහුගේ නිවසට ගියේය.

ප්‍රධාන අමාත්‍යවරයා ගයාන් සුරනිමල ජයවීරගේ කුඩා නිවස පහසුකම් සහිත ලෙස ඉදිකර ගැනීම සඳහා රුපියල් පනස් දහසක් ද, නිවසට ‍සෙවිලි කර ගැනීම සඳහා රුපියල් තිස්පන්දහසක් වටිනා සෙවිලි තහඩු ද, රුපියල් පහලොස්දහසක් වටිනා පාපැදියක් ද, රුපියල් තිස් දහසක් වටිනා ක්‍රීඩා ඇඳුම් හා ක්‍රීඩා පාවහන් ද ක්‍රීඩා උපකරණ ද පරිත්‍යාග කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා