මුද්‍රණය සඳහා

 
යතුරුපැදි බෝම්බයක් පුපුරා පාකිස්තානයේ 4ක් මරුට

යතුරුපැදි බෝම්බයක් පුපුරා පාකිස්තානයේ 4ක් මරුට

පාකිස්තානයේ පෙෂවෝ නගරයේ මාර්ගාසන්නයකදී ඊයේ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් සිවුදෙනකු ජිවිතක්ෂයට පත්ව තවත් 28 දෙනකු තුවාල ලත් බව පොලීසිය පවසා ඇත.

මැයි 11 මහ මැතිවරණය හමුවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් පවතින පාකිස්තානයේ මේ වන විට 56 දෙනකුට ජීවිත අහිමි වි ඇත.ඊයේ බෝම්බය පුපුරා ගියේ පෙෂවෝ හි ජෙහාන්ගිර් අබාද් ප්‍රදේශයේ අරාබි මාර්ගයට සමීපව පොලිස් වාහනයක් නවතා තිබුණු ස්ථානයකය.. බෝම්බය පිපිරීමෙන් ඒ අසලින් ගිය බසයක්ද ඊට‍ ගොදුරුව තිබේ.

පොලිස් වාහනය ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී තිබුණු නමුදු විශාල වශයෙන් හානි සිදුව ඇත්තේ අසලින් ගමන් ගත් බස් රියටය. පෙෂවෝ පරිපාලක ෂහිබ්සදා අනීස් එම ස්ථානය පසුකර ගොස් තිබුණේ ඊට සුළු වේලාවකට කලිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]