මුද්‍රණය සඳහා

 
වෙනිසියුලා ජනාධිපතිගේ කියුබානු සංචාරයෙන් වාසි රැසක්

වෙනිසියුලා ජනාධිපතිගේ කියුබානු සංචාරයෙන් වාසි රැසක්

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ පෙරේදා ඔහුගේ දෙදින කියුබානු සංචාරය අවසන් කළේ දෙර‍ට අතර හමුදාමය බැඳීම් තහවුරු කරමින් ඩොලර් බිලියනයක සහයෝගීතා ගිවිසුම් අස්සන් කරමිනි.

මියගිය හියුගෝචාවේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස මැතිවරණ ජයග්‍රහණයෙන් දෙසතියකට පසු සිදු කෙරුණු මේ සංචාරය රාජ්‍ය මාධ්‍යයෙන් හඳුන්වන ලද්දේ මුළුමනින්ම සාර්ථක වූවක් ලෙසය.

දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමට එය ඉවහල් වූ බව ඒවායේ සඳහන් විය. මේ සංචාරයේදී දෙරට අතර ගිවිසුම් 51ක් අස්සන් කෙරී ඇත. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, ක්‍රීඩා, බලශක්ති හා විශේෂ සමාජ මෙහෙයුම් යන විෂයන් යටතේ ඒවා අස්සන් කෙරීණ.

ගිවිසුම් අස්සන් කරමින් දෙරට අතර ඇත්තේ හුදු බැඳීමකට වඩා සහෝදරත්වයක් යැයි මධුරෝ කිවේය.මධුරෝ බලයට පත්විමෙන් පසු ඔහු සංචාරය කළ දෙවැනි රට කියුබාවයි.

රාහුල් හමුවෙන් පසු මධුරෝ එරට හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝසමග පස්පැයක සාකච්ඡාවක් පැවැත්විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]