මැයි රැලියට එන අතරතුර එජාප මන්ත්‍රීවරු 2ක් ගුටි බැට ඇනගෙන

මැයි රැලියට එන අතරතුර එජාප මන්ත්‍රීවරු 2ක් ගුටි බැට ඇනගෙන

එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා යමින් සිටි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු දෙදෙනකු කැටවල ප්‍රදේශයේදී ගුටිබැට හුවමාරුවක් සිදු කර ගෙන තිබේ.

රැලියට සහභාගී වීමට යමින් සිටි සෙසු මන්ත්‍රී පිරිස දෙදෙනා සමථයකට පත්කිරීමට උත්සාහ ගෙන ඇතත් එයද අසාර්ථක වී ඇත.

එජාප නායකත්වයට කේලම් කියන බව පවසමින් එක් මන්ත්‍රීවරයකු අනෙකාට පහරදී තිබෙන බව වාර්තා වෙයි.

සිද්ධියෙන් පසු සෙසු මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම මත තැලීම් තුවාල ලත් මන්ත්‍රීවරුන් දෙදෙනා ප්‍රදේශයේ සිංහල බෙහෙත් ශාලාවකට ගොස් ප්‍රතිකාර ගෙන පිටව ගොස් ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා