සෙරෙප්පුවක සඟවා රන් බිස්කට් 4ක් පන්නන්න හැදූ සැකකරු අත්අඩංගුවට

සෙරෙප්පුවක සඟවා රන් බිස්කට් 4ක් පන්නන්න හැදූ සැකකරු අත්අඩංගුවට

වටිනාකම ලක්ෂ 25ක්

සෙරෙප්පුවක සඟවා ඉන්දියාවේ මුම්බායි නුවරට නීති විරෝධී ලෙස රුගෙන යාමට තැත් කළ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ග්රෑම් 400ක් බරැති රත්රන් බිස්කට් 4ක් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ නිලධාරීන් පෙරේදා (1) සොයා ගෙන තිබේ. පෙරේදා රාත්‍රි 11.55 යු එල් 141 ශ්‍රි ලංකන් ගුවන්යානයෙන් මුම්බායි නුවර වෙත යාමට සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ගුවන්තොටුපළ අවසන් ආරක්ෂක මුරපොලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා රේගුවට බාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා