පාන්ගොල්ල අභිමංසල මීළඟ දැයට කිරුළේ දී විවෘත වෙයි

පාන්ගොල්ල අභිමංසල මීළඟ දැයට කිරුළේ දී විවෘත වෙයි

කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අභිමංසල තුන්වන ව්‍යාපෘතිය ලබන දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව විවෘත කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරල් ජගත් ජයසුරිය මහතා පැවසීය.

මේ වන විටත් එහි ඉදිකිරීම් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් අවසන් බවත්, ඉතිරි ඉදිකිරීම් ද වේගවත් කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් හෙතෙම කීවේය.

කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අභිමංසල තුන්වන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (2) එක්වෙමින් යුද හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය හේතුවෙන් පූර්ණ අබාධිත තත්ත්වයට පත්වු වයඹ පළාතේ රණවිරුවන් පනස් දෙදෙනෙකු සඳහා මෙහි නේවාසික ප්‍රතිකාර ලබාදිමට කටයුතු යොදා ඇති බව පවසන යුද හමුදාපතිවරයා මේ සඳහා රුපියල් මිලියන 240ක මුදලක් වැයවෙන බව අනාවරණය කළේය.

යුද හමුදා සේවා වනිතා ඒකකය පවත්වන සංදර්ශන හා ඔවුන්ගේ මැදිහත්වීමෙන් පෞද්ගලික මෙන්ම විවිධ ආයතනවලින් එකතුකර දෙන අරමුදල් මෙම ව්‍යාපෘතියට යොදා ගන්නා බව ජයසූරිය මහතා කීය.

දේශිය හා බටහිර වෛද්‍ය ඒකක, පුස්තකාල, පරිගනක ඒකක, පිහිනුම් තටාක, භෝජන ශාලා ඇතුළු සුපිරි පහසුකම් අභිමංසලේ ඉදිකර ඇති බවත් සෑම අබාධිත සෙබෙළෙකුගේම අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා සේවක මණ්ඩල යොදා ඇති බවත් ලුතිතන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා