මුද්‍රණය සඳහා

 
එජා සංවිධානයේ සමුළු සංවිධානය කිරීමේ සභාපති ධූරය චමිත්‍රිට

එජා සංවිධානයේ සමුළු සංවිධානය කිරීමේ සභාපති ධූරය චමිත්‍රිට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු සංවිධානය කිරීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු සංවිධානය කිරීමට අදාළ සියලු කමිටුවල දී

මහා මණ්ඩලයට උපදෙස් සපයන සමුළු පිළිබඳ කමිටුවේ 2013 ආයතනික සැසිය අප්‍රේල් 29 දා පැවැත්විණි.

මෙහි දී එහි සභාපතිනිය ලෙස ශ්‍රී ලංකාවේ චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය තෝරා ගෙන ඇත. ආසියා පැසිෆික් රාජ්‍ය කණ්ඩායමේ අනුමැතිය ඇයට ලැබුණි. මෙම සමුළු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයට ශ්‍රී ලංකාව පළමුවරට පත් වූයේ 2013 වසරේදීය.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ දෙවන ලේකම්වරිය වන චමිත්‍රි රඹුක්වැල්ල මෙනවිය 2013 - 2014 මෙම කමිටුවේ සභාපති ධූරය දරයි. මෙම කමිටුව පිහිටුවීමෙන් පසු සභාපති ධූරය දරණ වයසින් අඩු අය අතර රඹුක්වැල්ල මෙනවිය ද වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]