|
||||
මහජන පක්ෂ නායක රංජිත් නවරත්න අභාවප්‍රාප්ත වෙයිහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතා පෙරේදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප ලේකම්වරයෙක් ලෙසද කටයුතු කළ රංජිත් නවරත්න මහතා වයඹ පළාත් සභාවේ ප්‍රථම විපක්ෂනායකවරයාද වෙයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසද ගුරුවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. අවසන් කටයුතු අනිද්දා (5) කුරුණෑගල දී සිදු කෙරේ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |