රටවල් 109ක් මැලේරියාවෙන් පීඩා වින්දත් අපට එම රෝගය තුරන් කිරීමට හැකිවුණා

රටවල් 109ක් මැලේරියාවෙන් පීඩා වින්දත් අපට එම රෝගය තුරන් කිරීමට හැකිවුණා

මහනුවර වකුගඩු ආරක්ෂක සංගමයේ 14වැනි සංවත්සරය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති කියයි

රුපියල් බිලියන 125ක් නිදහස් සෞඛ්‍ය සඳහා රජය වැය කරන අතර රටවල් 109 ක් මැලේරියා රෝගයෙන් පීඩා විඳිනවිට අපරට මැලේරියා රෝගය තුරන් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළකළේ මහනුවර වකුගඩු ආරක්ෂක සංගමයේ 14වැනි සංවත්සරය නිමිත්තෙන් මහනුවර රෝහල් වකුගඩු ඒකකයේ දී පැවැති විශේෂ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ සරම්පරෝගය, වසූරිය පිටගැස්ම, පෝලියෝ රෝගය ආදී රෝග 7ක් තුරන්කර තියෙනවා. අපේ සෞඛ්‍ය සේවාවේ ඉන්න වෛද්‍යවරුන් මුදලට පමණක් නොවෙයි කටයුතු කරන්නේ, තම පෞද්ගලික ධනය පවා වියදම්කර අසරණ රෝගීන්ට සෙත සලසන අභිමානවත් වෛද්‍යවරුන් පිරිසක් අපට ඉන්නවා. විශේෂඥ වෛද්‍ය බෙලිගස්වත්ත, විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර තම කාලය ශ්‍රමය ධනය වැයකර රජය සමඟ එක්ව ආරම්භ කළ කාර්යයන්ගේ ප්‍රතිලාභ ජනතාව අද භුක්ති විඳිනවා.

වකුගඩු ඒකකයේ සැත්කමක් සඳහා රජය ලක්ෂ 10ක 15ක මුදලක් වැය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව පළිබෝධ නාශක 03ක් අද තහනම් කර තිබෙනවා. අපේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා ප්‍රශස්ත එකක්. මහනුවර වකුගඩු ආරක්ෂක සංගමයේ සභාපති මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි

මෙම වකුගඩු රෝගයට මුහුණදීමට ශක්තියක් වීමට මීට අවුරුදු 15 කට කලින් මහනුවර වකුගඩු ආරක්ෂක සංග මය පටන් ගත්තා.

රෝහලක් ආරම්භ කර රෝගීන්ගේ සුබසෙත වෙනුවෙන් සියලු ;දනා වෙහෙසුණා. අද රජයට සමහරු ඇඟිල්ල දිගු කළත් මහනුවර වකුගඩු ඒකකයෙන් ප්‍රශස්ත කාර්යයක් ඉටුවෙනවා.

මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. දිසානායක මහතා

මහනුවර මහ රෝහලේ මසකට විදුලියට කෝටි 2ක්ද ජලයට කෝටියක්ද වැය වෙනවා. අවුරුද්දකට රජයෙන් මිලියන 1360ක් ලැබෙනවා. මහනුවර මහ රෝහලට දවසකට රෝගීන් 600ක් ඇතුළුවෙනවා. බාහිර අංශයෙන් 1500ක් දවසකට ප්‍රතිකාර ලබාගන්නවා. කොළඹ හැරුණුවිට ප්‍රශස්ත සේවාවක් සපයන රෝහලවන්නේ මහනුවරයි.

විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.කේ හරිස්චන්ද්‍ර මහත්වරුද අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සි අනුනාහිමියෝ ද කෙටි අනුශාසනාවක් සිදුකළහ. මහනුවර පිළිකා සංගමයේ සභාපති මොහාන් සමරකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා