මුද්‍රණය සඳහා

 
අපිරිසිදු කෑම විකිණූ රුවන්පුර කඩ හිමියන් හතකට දඩ

අපිරිසිදු කෑම විකිණූ රුවන්පුර කඩ හිමියන් හතකට දඩ

මහජනතාවට විකිණීම සඳහා තබා තිබූ ආහාර පිරිසිදුවට ආවරණය නොකර තැබීමේ චෝදනාවට වරද පිළිගත් රත්නපුරේ වෙළෙඳුන් හත්දෙනකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චාමරි දනන්සූරිය මහත්මිය එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් දඩ නියම කළාය.

ලියනගේ මිහිදු ලක්‍ෂික විජේවන්න, මාරිමුත්තු පලනිමුත්තු, මහම්මුදු හුනුමාන් සලාබ්දීන්, ලසන්ත ප්‍රසාද් ලියනආරච්චි, ඩබ්ලිව්. ඒ. සුනිල් වීරසිංහ, එම්. පුබුදු නිරෝෂණ, එම්. වයි. එම්. නවාස්, යන අයට දඩ නියම විය.

රත්නපුර මහ නගරාධිපති කපිල් අබේරත්න, නාගරික කොමසාරිස් මහතුන්ගේ උපදෙස් පරිදි රත්නපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අයි. ඩී. කරුණාරත්න මහතා ගේ මෙහෙය වීමෙන් රත්නපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර පියසේන, එස්. යූ. බී. එස්. සාමසේකර, කේ. ජී. එන්. ඩී. කුඹුරේගෙදර, ඩබ්ලිව්. ජී. වී. යූ. එස්. කුමාර සහ නුවන් රාජපක්ෂ නිලධාරීන් විසින් වැටලීම කර වෙළෙඳුන්ට විරුද්ධව නඩු පවරන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]