අන්තර් පළාත් කාන්තා විස්සයි 20  ක්‍රිකට් ශූරතාව බස්නාහිරට

අන්තර් පළාත් කාන්තා විස්සයි 20  ක්‍රිකට් ශූරතාව බස්නාහිරට

අන්තර් පළාත් කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී පිටියේ ඊයේ පැවැති අවසන් තරගයෙන් මධ්‍යම පළාත් කණ්ඩායම පරදවා කඩුලු 7ක ජයක් සමගින් ශූරතාවය හිමිකර ගැනීමට බස්නාහිර පළාත් කාන්තා කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මධ්‍යම පළාත් කණ්ඩායමට ඕවර 17.2කදී සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 58 පමණි. මධ්‍යම පළාත් ඉනිමේ ලකුණු 10 සීමා පසු කිරීමට සමත්වුයේ පිතිකාරිනියන් දෙදෙනෙකු පමණි. වැඩිම ලකුණුලාභිනිය වු සලේකා නිලුක්ෂි ලකුණු 15ක් ලබාගත් අතර ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 11ක් රැස්කළාය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වු ශෂිකලා සිරිවර්ධන ඕවර 3.1කදී ලකුණු 6කට කඩුලු 3ක් දවාලු අතර ඇයට අනගි සහයක් ලබාදුන් ඕෂදී රණසිංහ ලකුණු 10කට කඩුලු 3ක් සහ සඳමාලි දොලවත්ත කඩුලු 2ක් දවාගත්තාය.

ලකුණු 59ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බස්නාහිර පළාත් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය හිමිකර ගත්තේය. නිපුනි හන්සිකා පන්දු 37කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 36ක් රැස් කළ අතර බස්නාහිර පළාත් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3ම හිමිවුයේ සුගන්ධිකා කුමාරිටය.

මධ්‍යම-58 සියල්ලන් දැවී (ඕවර 17.2) සලේකා නිලුක්ෂි 15 (ශෂිකලා සිරිවර්ධන 6/3, ඕෂදී රණසිංහ 10/3)

බස්නාහිර-62/3යි. (ඕවර 10.2) නිපුනි හන්සිකා 36 (සුගන්ධිකා කුමාරි 10/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා