පැපුවානිව්ගිනියාවත් මරණ දඬුවම පණ ගැන්වීමේ උත්සාහයක

පැපුවානිව්ගිනියාවත් මරණ දඬුවම පණ ගැන්වීමේ උත්සාහයක

රටම විනාශ මුඛයට ගෙන යන වර්ධිත අපරාධ රැල්ල මර්දනය කරනු පිණිස හමුදා කණ්ඩායමක් මගින් ගිනි බිඳීමෙන් මරණ දඬුවම පමුණු වීමට පැපුවානිව්ගිනියා බලධාරින් යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වූ විට එරට අපරාධ නීති සංග්‍රහයට දැඩි නීති හඳුන්වා දීමට ඉකුත් බදාදා රජය එකඟතාව පළ කර ඇත. රටේ නීතිය හා සාමය සාමය සුරකිනු පිණිස මරණීය දණ්ඩනය යළි පණ ගැන්විය යුතු බව එහිදී අවධානය යොමු විය. දැනට රාජද්‍රෝහි වීම, මුදු කොල්ලය හා මිනීමැරීම යන චෝදනාවලට මරණ දඬුවම හිමි වන නමුදු 1954 සිට එය ක්‍රියාත්මක වූයේ නැත.

කෙසේවෙතත් මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් අනුගමන කළ යුතු යැයි සාකච්ඡාවට භාජනය වූ ක්‍රමවේද අතර හමුදා පිරිසක් විසින් වෙඩි තැබීමෙන් එය සිදුකිරීම, මරණීය එන්නතක් ලබා දීම හා විදුලි පුටුවේ ඉන්දවීමට වඩා වියදම් අඩු ක්‍රමයක් බව රජය පවසා ඇත.

මේ ක්‍රමය තවමත් තහවුරු කොට නැති නමුත් පාළු දූපතක පිහිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයකදී එය ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා