|
||||
බොස්ටන් ප්‍රහාරකයා බේරා ගැනීමට තැත් කළ මිතුරන්ට වැඩ වරදීබොස්ටන් බොම්බ පිපිරීමට වැරදිකරුවකු වු ශෝකා සානේව්ගේ විශ්ව විද්‍යාල මිතුරන් තිදෙනකුට එරෙහිව බදාදා චෝදනා ඉදිරිපත් කර තිබේ. ඒ චූදිතයා ගමන් කළ මඟ ඇහිරීමට ගිනිකෙළි පත්තු කිරීම, ලැප්ටොප් පරිගණකයක් විසි කිරීම සහ පොලීසියට බොරු කීමට එරෙහිවය. 19 වියේ පසුවන මොවුන් අතුරින් දෙදෙනකු කසකස්තාන ජාතිකයන් වන අතර එක් අයකු අමෙරිකා ජාතිකයෙකි. ඩයස් කඩිර්බෙව්ව් සහ අසමාට් ටසායකොව්ට එල්ල වී ඇති චෝදනාව ලැප්ටොප් පරිගණකය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමයි. මේ අතර රොබට් ෆිලිප්ස් නැමැති අමෙරිකා ජාතිකයාට එරෙහි චෝදනාව පොලිසියට බොරු කියා නොමඟ යැවීමය. අප්‍රෙල් 15 වෙනිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සානේව්ගේ ජායාරූපය රූපවාහිනියේ දැකීමෙන් පසුව මේ අය මෙසේ උත්සාහ දරා ඇත්තේ ඔහු බේරා ගැනීමටය. මේ අයට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් පස් වසරක සිර දඬුවමක් සහ අමෙරිකා ඩොලර් 250 000ක දඩයක් පැනවිය හැකි බව අමෙරිකා අධිකරණ දෙපාර්තමේනතුව පවසයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |