මුද්‍රණය සඳහා

 
විභාග කඩාකප්පල් කරන්නන්ට නීත්‍යනුකූල ක්‍රියාමාර්ග

විභාග කඩාකප්පල් කරන්නන්ට නීත්‍යනුකූල ක්‍රියාමාර්ග

විභාග කටයුතු කඩාකප්පල් කරන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) ප්‍රකාශ කළේය.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා රහස් පොලිසිය එක්ව කටයුතු කරන බව ද ඇමැතිවරයා අනාවරණය කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

එසේම හෝමාගම ප්‍රදේශයේ පාසලක විද්‍යා ප්‍රශ්න පත්‍රය සමඟ කලා ප්‍රශ්න පත්‍රයකුත් සිසුන්ට බෙදා ඇති බවට කියවෙන කතාව සත්‍යයක් නොවන බවත් කලා ප්‍රශ්න පත්‍රය මේ වන විටත් මුද්‍රණය කර නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]