මුද්‍රණය සඳහා

 
‘රත්රන් උකසට ගෙන කෝටි 63,300ක් ණය ලෙස ලබා දී තිබෙනවා’

‘රත්රන් උකසට ගෙන කෝටි 63,300ක් ණය ලෙස ලබා දී තිබෙනවා’

රට තුළ පවතින වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් ගත වූ මැයි මාසය දක්වා රත්රන් උකසට ගෙන රුපියල් කෝටි 63,300ක් ණය ලෙස ලබාදී ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.

එම කාලය තුළ වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 59,000ක් රන් ණය ලෙස ලබාදී ඇතැයි පෙන්වාදුන් ඇමැතිවරයා එය මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20ක් බවද කීවේය.

මූල්‍ය සමාගම් විසින් රන් ණය ලෙස කෝටි 3200ක් ලබාදී ඇතැයි ද උකස් ආයතන විසින් රුපියල් කෝටි 1100ක් ලබාදී ඇති බවද සියඹලාපිටිය මහතා කීය. රේගු ආඥා පනත යටතේ නියෝග ඉදිරිපත් කිරීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ කීවේය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]