මුද්‍රණය සඳහා

 
කතරගම ඇසළ පෙරහැරේ දෙවන දිනය අදයි

කතරගම ඇසළ පෙරහැරේ දෙවන දිනය අදයි

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ 2වන දිනය අදයි. කතරගම මහා දේවාලයෙන් දේව පෙරහැර ආරම්භ වී ගණදේවාලය කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කර මහා වාසල් දොරටුවෙන් පිටවීදියට පිවිසේ.

එම වීදියේ ගමන් කර පෙරහැර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර පෙරහැර මහාවීදියේ ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

අද පෙරහැරට මොණර හනුමන්තා පත්තේරු හංස හා භක්ති කාවාඩි නැටුම් සමඟ නැටුම් කණ්ඩායම් 20ක් පමණද අලි ඇත්තු ද සහභාගී වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]