ත්‍රිරෝද-කැබ් අනතුරින් එකම පවුලේ 3ක් මරුට

කෑගල්ල රඹුක්කන මාර්ගයේ දළුග්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියයයි.

විස්තර»

කදිරගාමර් පිළිරුව ජනපති අතින් විවෘත වේ

කෘතහස්ත දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පිළිරුව ඒ මහතාගේ අට වැනි ගුණ සමරුව යෙදෙන අද (12) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරේ.

විස්තර»


අප වැඩ කළ යුත්තේ අද ගැන සිතා නොව,හෙට ගැන සිත­ාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 අගෝස්තු 05 වනදා, කොළඹ දී



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය දේශද්‍රෝහීන්ගේ වැඩක්

සර්ව ආගමික නායකයෝ එක හඬින් පවසති

අරාබි නායකයන්ට වැරැදි පණිවිඩයක් දීම ඉලක්කයයි

කොළඹ පොදු ජනයා අතර ආගමික විරෝධයක් නෑ

රට අස්ථාවර කිරීම මේ ක්‍රියාවල අරමුණයි

වහාම පරීක්ෂණයක් කරන්න! මුස්ලිම් ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලති

කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට කිසියම් සංවිධානාත්මක පිරිසක් පෙරේදා එනම්; 10වන සෙනසුරාදා ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල මහ සමුළුව කඩාකප්පල් කිරීම බව හෙළිදරව් වෙමින් පවතී. මේ කුමන්ත්‍රණය පසුපස ආණ්ඩුවට එරෙහි දේශීය හා විදේශීය බලවේග ක්‍රියාත්මක වන බවට ද සාක්ෂි පවතී.

විස්තර»

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය ලොවට කියාපෑමට අවස්ථාවක්

බ්‍රිතාන්‍යය අවධාරණය කරයි

වත්මන් ශ්‍රී ලංකාව ලබා තිබෙන සාර්ථකත්වය ලොවට ප්‍රකාශ කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අතිශය වැදගත් අවස්ථාවක් බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි.සමුළුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලක්වාසී සැමට බෙදා දෙමින් රට සමෘද්ධිමත්කිරීමට ද මෙය කදිම අවස්ථාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සාර්ථකත්වයට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

උ/පෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ඇද්දැයි පරීක්ෂණ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් ඇද්දැයි සොයා බැලීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.විභාගය සම්බන්ධව සිදු වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. විභාගය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට ලබා දුන් දුරකතන අංක 1911ට ලැබුණු දුරකතන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ජංගම දුරකතන ඇමතුම් ,ඊ‍මේල් පණිවුඩ, ‍ෆේස් බුක් සහ අනතර්ජාලය හරහා යවන ලද පණිවුඩ සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු ලබා ගෙන ඇත.

විස්තර»

අබිමන්තොටට ජන ගඟ ගලයි

දකුණු කොළඹ අබිමන්තොට වරාය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පහසු වන සේ අද (12) සිට පෙරවරු 7.00 සිට වරායට ප්‍රවිෂ්ට වීමට ඉඩ ලබා දීමට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත. සවස 5.00 වන තෙක් වරාය නැරඹීමට හැකි වේ. පසුගිය 08 වැනිදා මහජනතාවට දැකබලා ගත හැකි වන සේ විවෘත කළ අබිමන්තොට නව වරාය නැරඹීමට ඊයේ (11) වන විට ලක්ෂ විස්සකට අධික පිරිසක් පැමිණ තිබේ.

විස්තර»

උතුරේ එජාප-ජවිපෙ සාමාජිකයෝ වැල නොකැඩී ශ්‍රීලනිපයට එති

මෙවර උතුරු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා වැලිඔය ප්‍රදේශයේ පාරම්පරික එක්සත් ජාතික පක්‍ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ එක්දහස් අටසීයක් (1800) පසුගියදා (10) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වූහ. වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගජබාපුර, නිකවැව (දකුණ), ඇතාවැටුණ වැව සහ කල්‍යාණිපුර යන ප්‍රදේශවල පවුල් 715 කට අයත් මෙම පිරිස පසුගියදා එම ගම්මානවල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැස්වීම්වලදී ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අතින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබාගත්හ.

විස්තර»

හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරේ

හම්බන්තොට නව නගරය කේන්ද්‍ර කරගනිමින් ආසන 1500කින් සමන්විත මෙරට විශාලතම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.අක්කර 27.67ක මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකෙරේ. වර්ග මීටර් 8081 කින් සමන්විතව මහල් තුනකින් ඉදිකර තිබෙන මෙම සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ එක්වර 1500කට අසුන්ගත හැකිවන අතර තවත් 1500කට අසුන්ගත හැකි කුඩා ප්‍රමාණයේ සම්මන්ත්‍රණ ශාලා 10 කින් සමන්විත වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂක ආනන්ද සමරසිංහ මහතා කීය.

විස්තර»


හොරණ ගුරුගොඩ මීවනපලාන ශ්‍රී සුනන්දාරාම මහා විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මීවනපලානේ සුමේධ නායක හිමිපාණන්ගේ හැටවන ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය දෙසිය නමක් විෂයෙහි ඊයේ (11) දහවල් විහාරස්ථානයේ පැවැති දානමය පුන්‍යකර්මයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේට ජන්ම දින සුබපැතුම් පළ කරමින් සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරුයි මේ. ඡායාරූපය - සුදත් සිල්වා

 






 

අලි ගහණය සංගණනය ලියා තියන පොත
අන්ත්‍රස්දානය වෙලාලු දුටුව කෙනකු නැත
මේව තමා අලි හොරකම් ඒවට ඇස් නැත
හොයා බලයි ඇමැතිතුමා අලින්ගෙ වතගොත