ලෝක ළමා දිනයේදී දිස්ත්‍රික්ක 25ට නිවාස 25ක්

ලෝක ළමා දිනයේදී දිස්ත්‍රික්ක 25ට නිවාස 25ක්

මෙවර ලෝක ළමා දින සැමරීම වෙනුවෙන් දිවයිනේ සෑම දිස්ත්‍රි‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි ඉගෙනීමට දක්‍ෂ දරුවන් සිටින අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකරලීමට පියවර ගැනේ.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ පරිවාස හා ළමා රක්‍ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ. දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහකට (25)ම දිස්ත්‍රික්කයකට එක බැගින් මෙහිදී නිවසක් ඉදිකෙරෙන අතර එක් නිවසක් සඳහා රුපියල් ලක්‍ෂ නවයක (900000) පමණ මුදලක් වැය කෙරේ.

ප්‍රථම වරට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. වෙනත් වසරවල ලෝක ළමා දිනට උත්සවයක් පමණක් පැවැත්වෙන අතර එයට වඩා ළමුන් වෙනුවෙන් ප්‍රායෝගික දෙයක් සිදු කළ යුතු හෙයින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරල්ලියද්ද මහතාගේ උපදෙස් මත මේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව පරිවාස හා ළමා රක්‍ෂණක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස කොමසාරිස් යමුනා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

2011 වර්ෂයේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් සිදුකළ සමීක්‍ෂණයකින් මෙම පවුල් තෝරාගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ලෙස මැදවච්චිය, කඩවත්රැඹෑව ගම්මානයේ පදිංචි ජේ. නිමල්සිරි බණ්ඩාර මහතාගේ පවුල වෙනුවෙන් නව නිවසේ ඉදිකිරීම පසුගිය (09) දා සිදු කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා