මුද්‍රණය සඳහා

 
STF සෙබළු 13 දෙනාට ඇප ඇයදුමට කරුණු දැක්වීම සැප්:17දා

සිසුන් 5 දෙනකු ඝාතනය කළ සිද්ධියේ

STF සෙබළු 13 දෙනාට ඇප ඇයදුමට කරුණු දැක්වීම සැප්:17දා

සිසුන් පස් දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන විශේෂ කාර්ය බළකායේ 13 දෙනාගේ ඇප අයදුම වෙනුවෙන් කරුණු දැක්වීමට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්. ඒ. රණරාජා මහතා ලබන සැප්තැම්බර් 17 දාට සිදුකරන ලෙස දින නියම කෙරිණි.

2006 ජනවාරි 02 දින ත්‍රිකුණාමල මුහුදු වෙරළේ ගාන්ධි පිළිරුව අසල දී සිසුන් පස් දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවේ පසුවන විශේෂ කාර්ය බළකායේ 13 දෙනා සඳහා ඇප අයදුම්පත් ඉදිරිපත් කළ නීතිඥවරුන් වන ධනුෂ්ක මැදගෙදර හා මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරු ඒ සඳහා කරුණු දැක්වීමට දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් අනුව මහාධිකරණ විනිසුරු මෙම දිනය ලබා දී තිබුණි.

මේ නඩු විභාගය දැනට ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුකරන අතර චෝදනා 15ක් සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන් 36 දෙනකුගෙන් යළි සාක්‍ෂි විමසීම සිදුවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]