උතුරු මැද පළාත් මාර්ග පද්ධතියේ සංවර්ධනයට විදෙස් අරමුදල් ලබා ගැනීමේ මෙහෙයුමක

උතුරු මැද පළාත් මාර්ග පද්ධතියේ සංවර්ධනයට විදෙස් අරමුදල් ලබා ගැනීමේ මෙහෙයුමක

උතුරු මැද පළාතේ ‘සී’ හා ‘ඩී’ ශ්‍රේණියට අයත් පළාත් මාර්ග පද්ධතිය සංවර්ධනය හා නඩත්තුව සඳහා විදේශීය මුදල් ලබා ගැනීමේ මෙහෙයුමක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පළාත් මාර්ග සංවර්ධන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතාගේ අදහසක් පරිදි දියත් කර ඇත.

දැනටමත් චීනයේ අන්හුයි විල සම්පත් හා මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ සමාගම වෙත උතුරු මැද පළාත් මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය හා නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් මේ සමාගම වෙත ඉදිරිපත්කොට තිබේ. එය අධ්‍යයන කොට සහන බැංකු ණය පහසුකම් ඇතුළු මූල්‍යාධාර ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චෙන් චෑන්ග් මහතා විසින් උතුරුමැද මහ ඇමැතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මේ පිළිබඳ කරුණු දැක්වූ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති බී. ඒ. තිලකරත්න මහතා නොබෝ දිනකින් අන්හුයි සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දූත පිරිස උතුරු මැද මාර්ග සංවර්ධන කටයුතු සොයා බැලීම හා සාකච්ඡා වටයක් සඳහා මෙරටට පැමිණෙන බව දැනුම් දී ඇතැයි සඳහන් කළේය.

උතුරු මැද පළාත් මාර්ග පද්ධතියක් සංවර්ධන අධිකාරිය යටතේ පළාත් මාර්ග කි.මී. 1947.32ක් සංවර්ධනය හා නඩත්තු කිරීම සිදු කරනු ලබනවා. වාර්ෂිකව පළාත් අරමුදල් හරහා සමුළුවෙන් ලැබෙන ප්‍රතිපාදන මෙවන් මාර්ගක් උසස් ප්‍රමිතිකින් යුතුව පවත්වාගෙන යෑම උගහට.

2011 වසර සඳහා මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ලැබී ඇත්තේ රුපියල් මිලියන 250ක් සහ නඩත්තුව පිණිස රුපියල් මිලියන 75ක් පමණයි. එය ගිය වසරේ හා 2013 සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 210 සහ මිලියන 156ක් වශයෙන් අඩුවී තිබෙනවා. මෙය දෙවසර සඳහා නඩත්තු වෙනුවෙන් ලබා දී ඇත්තේ වසරකට රුපියල් මිලියන 75 බැගිනි” තිලකරත්න මහතා අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා