උ/පෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ඇද්දැයි පරීක්ෂණ

උ/පෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ඇද්දැයි පරීක්ෂණ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් ඇද්දැයි සොයා බැලීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

විභාගය සම්බන්ධව සිදු වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

විභාගය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට ලබා දුන් දුරකතන අංක 1911ට ලැබුණු දුරකතන ඇමතුම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ජංගම දුරකතන ඇමතුම් ,ඊ‍මේල් පණිවුඩ, ‍ෆේස් බුක් සහ අනතර්ජාලය හරහා යවන ලද පණිවුඩ සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු ලබා ගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ලබා දුන් උපදෙස්වලට අනුව ඇමැතිවරයා මෙම පැමිණිල්ල සිදු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත. මෙයට පෙර තිබු විභාග සම්බන්ධයෙන් ද මෙවැනි කඩාකප්පල්කාරි සිදුවීම් වාර්තා වූ අතර ඒවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළ අතර අදාළ පුද්ගලයන් අධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා