ත්‍රිරෝද-කැබ් අනතුරින් එකම පවුලේ 3ක් මරුට

ත්‍රිරෝද-කැබ් අනතුරින් එකම පවුලේ 3ක් මරුට

කෑගල්ල රඹුක්කන මාර්ගයේ දළුග්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියයයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හතරලියද්ද කඳබෝව ප්‍රදේශයේ පදිංචි කේ. සොයිසා (53), එම්. ජී. ඉනෝකා දර්ශනී සෝමසිංහ (37) හා කේ. එම්. මහේෂ් උමයංග (05) යන අය බව රඹුක්කන පොලිසිය පවසයි.

හතරලියද්ද සිට රඹුක්කන හරහා පාණදුර දක්වා ගමන් කළ මෙම පිරිස රැගත් ත්‍රිරෝද රථය රඹුක්කන දලුග්ගල දී වතුර බෝතල් රැගත් කැබ් රථයක ගැටීමෙන් මේ මාරක රිය අනතුර සිදුවී තිබේ. කැබ් රථයේ රියැදුරු හා ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු කෑගල්ල මහ රෝහලේ හා රඹුක්කන දිසා රෝහලේ ප්‍රතිකාර ලබති.

කැබ් රථයේ රියදුරු සිය ධාවනයේ දී ඇතිවූ වෙහෙස නිසා තම හිතවතකුට රිය ධාවනය සඳහා භාරදී ඇති අතර ඔහු රියදුරු බලපත්‍රයක් නොමැති අයකු බව ද හෙළි වී ඇත.

තුවාලකරුවන් කෑගල්ල හා රඹුක්කන රෝහල්වල වැඩිදුර ප්‍රතිකාර ලබන අතර කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත රඹුක්කන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මාලඹේ ප්‍රදේශයේ සිට ජල බෝතල් ගෙන ආ කැබ් රථය හා එහි රියදුරු ගඟන අභිමාන් බණ්ඩාර යන අය අත්අඩංගුවට ගැනීමට රඹුක්නන පොලිසිය පියවර ගෙන ඇත.

මියගිය අය පිළිබඳ මරණ පරීක්ෂණ කෑගල්ල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා