යාපනයේ පන්සලකට අත් බෝම්බ ප්‍රහාරයක්

යාපනයේ පන්සලකට අත් බෝම්බ ප්‍රහාරයක්

යාපනය නාවක්කුලි ගම්මානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකට පෙරේදා (10) රාත්‍රී අත්බෝම්බ ‍ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ භික්ෂූන් වහන්සේ නමක් සහ තවත් පුද්ගලය කු එහි සිට ඇති අතර ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් ක‍රයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පිළිබදව සැකයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ දිනමිණට පැවසූහ‍.

මෙම ගම්මානයේ සිංහල පවුල් තිහක් පමණ පදිංචිව සිටින අතර පසුගිය දිනක පැමිණි දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් පිරිසක් මෙහි වෙසෙන ජනතාවට තර්ජනය කර ඇති බවද දයාරතන හිමියෝ පැවසීය. උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වීමට ආසන්නයේදී ‍මෙවැනි ප්‍රහාර ‍තුළින් ජාතිවාදී හැඟීම් ඇවිලවීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා