අබිමන්තොටට ජන ගඟ ගලයි

අබිමන්තොටට ජන ගඟ ගලයි

දකුණු කොළඹ අබිමන්තොට වරාය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පහසු වන සේ අද (12) සිට පෙරවරු 7.00 සිට වරායට ප්‍රවිෂ්ට වීමට ඉඩ ලබා දීමට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.

සවස 5.00 වන තෙක් වරාය නැරඹීමට හැකි වේ. පසුගිය 08 වැනිදා මහජනතාවට දැකබලා ගත හැකි වන සේ විවෘත කළ අබිමන්තොට නව වරාය නැරඹීමට ඊයේ (11) වන විට ලක්ෂ විස්සකට අධික පිරිසක් පැමිණ තිබේ.

පෞද්ගලික වාහන 50000ක් පමණ වරාය පරිශ්‍රයට ඇතුල් වී ඇත. මීට අමතරව වරාය අධිකාරිය විශේෂ වාහන සේවයක් වරාය ප්‍රවිෂ්ට පිවිසුමේ සිට දියකඩනය දක්වා ගමන් පහසුකම් සලසා ඇත.

ශ්‍රි ලාංකික ජනතාවට ලබන 13 වනදා දක්වා වරාය නැරඹීමට ඉඩ සලස්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා