මරණ දැන්වීම්

 

 

 

 

විස්වකුල නිමල් - වරීනා ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ජිනෙන්, ශංක, දිෂ්නි සහ චින්තු ගේ ආදරණීය පියාණන් වූද, මංජුෂා සහ නිලුෂී ගේ මාමා වූද, නැසීගිය සිරිසේන සහ සුමනා විස්වකුල ගේ ආදරණීය පුත්‍රයා වූද, ඔල්ගා රාමස්වාමි ගේ බෑණා වූද, ලක්ෂ්මි සහ ලක්ෂ්මන් රාජපක්‍ෂ, ශාන්ති සහ ගාමිණි ද සිල්වා, වේතිය සහ ශාමලි විස්වකුල (ඕස්ට්‍රේලියාව), අශෝක සහ නයනි විස්වකුල, පි‍්‍රයන්ත සහ ප්‍රසන්න සුබසිංහ සහ නැසීගිය දර්ශන විස්වකුල ගේ සොහොයුරා සහ මස්සිනා වූද, නිමල් විස්වකුල මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු අගෝස්තු 14 දින සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 3 ට, 215/3 ගල්වල පාර, (ගල්විහාර පෙදෙස), දෙහිවල.

සුමතිපාල රණසිංහ මහතා - වීරපාන ඕපාත නැසීගිය දොන් හෙන්ද්‍රික් රණසිංහ මහතාගේ සහ ආරියවතී රණසිංහ මහත්මියගේ දයාබර පුත්‍රයා වූද, විශාඛාගේ දයාබර සැමියා වූද, නලින් (කොළඹ විශ්වවිද්‍යාලය), අජිත්, ශෂිකලා ගේ දයාබර පියාණන් වූද, දර්ශිනී හා නැන්සි ගේ මාමණ්ඩිය වූද, ඊතන් හා ඈන්ගේ මුත්තනුවන් වූද, ඉලෙක්ට්‍රෝප්ලාස්ටික් ඉංජිනේරු සමාගමේ නිර්මාතෘ හා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය සුමතිපාල රණසිංහ මහතා පරලෝ සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසාන කෘත්‍යය 13 අඟහරුවාදා හවස 4 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 410/79, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා