අපරික්‍ෂාකාරීව රිය පැදවූ රියැදුරන්ට දොළොස් ලක්‍ෂයක දඩ

අපරික්‍ෂාකාරීව රිය පැදවූ රියැදුරන්ට දොළොස් ලක්‍ෂයක දඩ

2013 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා පානදුර ගාලු පාරේදී මෝටර් රථවාහන, ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පෞද්ගලික බස් රථ බීමත්ව අපරීක්‍ෂාකාරී සහ නොසැළකිලිමත්ව ධාවනය කළ රියැදුරන්ට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් දොළොස් ලක්‍ෂ තිස්දහසකට වැඩි මුදලක් දඩ වශයෙන් නියම කර ඇත.

පානදුර දකුණ පොලිසිය විසින් රියැදුරන් 170 ක් පමණ අත්අඩංගුවට ගෙන බීමත්ව නොසැළකිලි සහ අපරීක්‍ෂාකාරී අයුරින් වාහන ගාලු පාරේ ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.

මීට අමතරව රියැදුරු බලපත්‍ර රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර නොමැතිව ත්‍රිරෝද රථ, ලොරි, යතුරුපැදි සහ මෝටර් රථ ගාලු පාරේ පැදවූ රියැදුරන් 20 දෙනෙකුට පමණ නඩු පවරා තිබිණි. ඔවුනට රුපිල් 10500.00 සිට රුපියල් 16,500 දක්වා දඩ නියම කර ඇති මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට රියැදුරු බලපත්‍ර ලබාගන්නා ලෙසට අවවාද කර ඇත.

ගාලු පාරේ රථවාහන නීතිරීති වැඩි වශයෙන් උල්ලංඝනය කරන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් හා පෞද්ගලික බස් රථ රියැදුරන් බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා