මුද්‍රණය සඳහා

 
පොල් ආශ්‍රිත කර්මාන්ත අරඹන්න රුපියල් විසිලක්ෂය දක්වා ණය පහසුකම්

පොල් ආශ්‍රිත කර්මාන්ත අරඹන්න රුපියල් විසිලක්ෂය දක්වා ණය පහසුකම්

වැඩමුළුවක් දොම්පේ රදාවානේ දී

පොල් ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමේ නව සංවර්ධන වැඩපිළිවෙළක් පොල් වගා සංවර්ධන මණ්ඩලය ආරම්භ කර ඇත.

පොල් වගා සංවර්ධන මණ්ඩලයේ උපදෙස් යටතේ ආරම්භ කළ කිරිඳීවැල මැදේදේගම – කුමාර ජයසුන්දර මහතාගේ පොල් පැළ තවාන.

මෙම සංවර්ධන වැඩපිළිවෙළේ පොල් ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන ව්‍යාපෘති පිළිබඳව පුහුණුව ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ රදාවාන ගම්මානයෙන් ආරම්භ විය.

පොල් කර්මාන්තය යටතේ විවිධ ගෘහ කර්මාන්ත පිළිබඳව පුහුණුවක් ලබාදීමේ ආරම්භක උළෙලට සහභාගි වූ පොල් වගා සංවර්ධන මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට අක්කර දස ලක්ෂයකට වැඩි පොල් වගාවක් ඇති අතර සුළු ගෙවතු වගා යටතේ තවත් අක්කර දහස් ගණනක පොල් වගාවක් ඇති බව පෙනෙනවා. පොල් කර්මාන්තය තුළින් දැවැන්ත සංවර්ධිත ව්‍යාපෘති රැසක් අරඹා, ග්‍රාමිය මට්ටමින් සුළු කර්මාන්ත ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීමට ජනතාව යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළා.

පොල් කර්මාන්තය තුළින් රැකියා උත්පාදන මෙන්ම විවිධ කර්මාන්ත ආරම්භ කළ හැකියි. පුහුණුව, උපදෙස් පහසුකම් සියල්ල ලබාදෙන අතර රුපියල් ලක්ෂය සිට විසි ලක්ෂය දක්වා ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කළා. පොල් පැළ තවාන් මඟින් සුළු පොල් වගාකරුවන්ට මෙන්ම ගෙවතු ආශි‍්‍රත වගාවටද පැළ ලබා දෙනවා.

ප්‍රාදේශීය පොල් සංවර්ධන නිලධාරී කේ. ඒ. පී. මහීලාල්, දොම්පේ වෑකේ. පොල් සංවර්ධන නිලධාරී ඩබ්ලිව් . ඒ. ඇම්. වීරසූරිය, නිශාන්ත කුමාර මහත්වරුද කථා කළහ.

ප්‍රදේශයේ හොඳම පොල් පැළ තවානක් වශයෙන් කිරිඳීවැල මැද්දේගම කුමාර ජයසුන්දර මහතාගේ පැළ තවාන හා වගා ව්‍යාපෘතිය ද තෝරාගත් බව වීරසූරිය මහතා පැවැසීය.

වසර තුනෙන් පූදින ඉස්තරම් පැළ මෙහි නිපදවෙන අතර රජයේ ෙපාල් වගා ව්‍යාපෘති යටතේ අවශ්‍ය පැළ, දිවි නැ¼ගුම, කප් රුක, සඳහා ද මේ වනවිට මෙම පැළ තවාන් තුළින් පොල් පැළ දහස් ගණනක් ලබා දී ඇත.

ඡායාරූපය - වතුරුගම සමූහ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]