මුද්‍රණය සඳහා

 
සිසුවියකට අතවර කිරීමට තැත්කළ චීවරධාරියා ඇල්ලීමට වරෙන්තු

සිසුවියකට අතවර කිරීමට තැත්කළ චීවරධාරියා ඇල්ලීමට වරෙන්තු

පානදුර මොරවින්න ප්‍රදේශයේ විහාරස්ථානයකට නුදුරුව නිවෙසක පදිංචි පාසල් ශිෂ්‍යාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කළේ යැයි කියන පානදුරේ ප්‍රසිද්ධ පාසලක ගුරු වෘත්තියේ යෙදී සිටින චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා වරෙන්තුවක් පානදුර පොලිසිය මගින් නිකුත් කළේය.

මෙම නඩුව 05-08-13 දින කැඳවූ විට විත්තිකරු අධිකරණයේ පෙනී නොසිට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කෙරුණි. එම වෛද්‍ය වාර්තාව ප්‍රතික්‍ෂේප කෙරුණි. නඩුව නොවැම්බර් 18 දිනට කල්දැමිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]