රනිල් වික්‍රමසිංහ පක්ෂයත් පාක්ෂිකයනුත් මඩ වළකට ඇද දැම්මා

රනිල් වික්‍රමසිංහ පක්ෂයත් පාක්ෂිකයනුත් මඩ වළකට ඇද දැම්මා

වයඹ පළාත් අපේක්‍ෂක දයාසිරි ජයසේකර

අවුරුදු 20ක් අපි විපක්‍ෂයේ හිටියා. තව අවුරුදු කීයක් විපක්‍ෂයේ ඉන්නවෙයි ද දන්නැහැ. එ.ජා. පක්‍ෂ රජයක් පේනතෙක් මානයක නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙන්න හීන දකිනවා. ඒත් ඒ සඳහා වැඩපිළිවෙළක් නැහැ. තව අවුරුදු 20ක් 30ක් ගියාම අපේ වැඩ කරන්න පුළුවන් කාලය ඉවරයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්‍ෂයත්, පාක්‍ෂිකයනුත් මඩ වළකට දැම්මා.

එයින් ගොඩ එනවා වෙනුවට උදැල්ලක් අරන් තවත් හාරනවා. මැතිවරණයක් තියෙන කාලේ මොන මෝඩයා ද ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පක්‍ෂයෙන් එළවන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හයක් ලංකාවෙම පහළොස් දෙනෙක් ඉවත් කළා.

රනිල් වික්‍රමසිංහගේ ඇෙඟ් එල්ලිලා ඉන්න කූඩැල්ලෝ දෙන්නා තුන්දෙනා රනිල් වික්‍රමසිංහත් පක්‍ෂයත් විනාශ කරනවා. 1994 දී 48% ක්වූ එ.ජා.පාක්‍ෂිකයන් මේ වන විට 23% දක්වා අඩු කළා. මෙවර පළාත් සභා මැතිවරණයෙන් එය 20% ටත් වඩා අඩු වනවා යැයි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වී සිටින සන්ධානයෙන් තරග කරන දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු සහ එ.ජා. පක්‍ෂයෙන් ප්‍රාදේ්ශීය සභාවට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්‍ෂකයන් ගේ සුහද හමුවේ දීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා