කඳුකරයේ ආශ්චර්ය කුණ්ඩසාලය බවට පත්කරනවා

කඳුකරයේ ආශ්චර්ය කුණ්ඩසාලය බවට පත්කරනවා

මධ්‍යම පළාත් අපේක්ෂක ලින්ටන් විජේසිංහ (එජනිස)

පළාත් සභා ඉතිහාසයේ ඉහළම වාර්තාගත ප්‍රතිශතයකින් මෙවර පළාත් සභා මැතිවරණයෙන් ලබන විජයග්‍රහණය කිසිදු බලවේගයකට නවතාලිය නොහැකි යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති මහජන සම්බන්ධීකරණ ලේකම් හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් එජනිස පළාත් සභා අපේක්ෂක ලින්ටන් විජේසිංහ මහතා පැවැසීය.

කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මැණික්හින්න, කලාපුරය, මහවත්ත, හූරිකඩුව ආදී ප්‍රදේශවල පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීම් කිහිපයක් අමතමින් හෙතෙම මේ බැව් පැවැසීය.

අප රට ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ යථාර්ථයක් වනවිට මධ්‍යම කඳුකරයේ ආශ්චර්යමත්ම ප්‍රදේශය බවට කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසය පත්කරනවා. කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මේ ආසනය භාර ගත් පසු මේ ආසනය අද සැබෑම ආශ්චර්යක් වී තිබෙනවා.

මේ වනවිට කුණ්ඩසාලයේ මාර්ග කිලෝමීටර් සියයක් පමණක් කාපට් කැර තිබෙනවා.

තුනෙන් දෙකක් ඉක්මවා ගිය ඉහළම විජයග්‍රහණයක් මධ්‍යම පළාතෙන් අපි ලබාගන්නවා. ඒ ජයග්‍රහණය තුළ කුණ්ඩසාල කොට්ඨාස වාර්තාගත ජයග්‍රහණයක් සන්ධානයේ අපි ලබා ගන්නවා.

අද එජාපයේ පිරිස් බුරුතු පිට අපිත් සමඟ එකතු වෙනවා. කුණ්ඩසාල ආසනයේ එජාප සංවිධායකවරයාට අවසානයට කවුරුත් ඉතිරි වන එකක් නෑ.

කුණ්ඩසාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රුවන් කපුකොටුව, ධම්මික පෙරේරා, රුවන් වීරකෝන් හා සංජීව විජේකෝන් යන මහත්වරුද මෙහිදී කතා කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා