ජනපතිවරණයේ දෙව­ැනි වටය මාලී හි අනාගතයට තීරණාත්මකයි

ජනපතිවරණයේ දෙව­ැනි වටය මාලී හි අනාගතයට තීරණාත්මකයි

මාලී හි ජනාධිපතිවරණයේ දෙවනවටය ඊයේ පැවැත්වීමට නියමිත විය . ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනාම ජයග්‍රහණය තමන් සතුවන බවට විශ්වාසය පළකර තිබේ. මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් දියත් කළ කුමන්ත්‍රණයක් ප්‍රංශ හමුදා මැදිහත් වීමෙන් ව්‍යර්ථ කිරීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරණයෙන් අනතුරුව එරට දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු තබා ඇත .

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට ජාත්‍යන්තරය ලබාදීමට ප්‍රතිඥා දී ඇති අමෙරිකන් ඩොලර් බිලියන් 4 ක ආධාර ලබා‍ගත හැකිවනු ඇත්තේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟුනහොත් පමණි. පසුගිය මාර්තුවේ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ආධාරලබා දීම අත්හිටුවා තිබේ .

ජූලි 27දින පැවති ජනාධිපතිවරණ මුල් වටයේ තරඟ වැදි අපේක්ෂකයන් 27 දෙනා අතුරින් කිසිවෙකුටත් අවශ්‍ය බහුතර ඡන්දය ලබාගැනීමට නොහැකි විය. දෙවන ඡන්ද වටයට ඉදිරිපත් වන්නේ හිටපු අගමැති ඉබ්‍රහිම් කෙයිටා සහ හිටපු මුදල් අමාත්‍ය සෞමේලා සිසි ය.

මුල් ඡන්ද වටයෙන් 68 හැවිරිදි කෙයිටා 63 හැවිරිදි සිසී ට වඩා 20 % වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබේ . මාලී රටේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2007 න් පසුවයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා