උතුරුමැද-නැෙඟනහිර-ඌවට අද සවස ගිගුරුම් සහිත වැසි

මුහුද දෙසින් තද සුළං

නැෙඟනහිර උතුරුමැද හා ඌව පළාත්වල අද (09) අපරභාගයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් ඒ හේතුවෙන් සිදුවිය හැකි අකුණු අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම වැසි වයඹ පළාත දක්වා පැතිර යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

දිවයින හරහා හා අවට මුහුදු ප්‍රදේශ දෙසින් තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පෙන්වා දෙන කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය කියන්නේ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී එම සුළඟ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බවයි. මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් හටගනු ඇති බවද කරුණාපාල මහත්මිය කීවාය.

පුත්තලම සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හා සෙසු මුහුදු ප්‍රදේශ තැනින් තැන වැසි ඇතිවනු ඇති බවත් සුළං පැයට කිලෝමීටර් 20 සිට 40 දක්වා වේගයකින් නිරිත දෙසින් හට ගනු ඇතිබවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්ත අනුව ඊයේ (08 ) වැඩිම වර්ෂාපතනයක් හෝටන් ප්‍රදේශයට පතිත වී ඇත. එය අංශක 104.2 ක් වේ.