මුද්‍රණය සඳහා

 
බීමතින් අර්ධ අවසාන පරීක්ෂණයට ආ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

බීමතින් අර්ධ අවසාන පරීක්ෂණයට ආ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

බීමතින් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ පැවති අර්ධ වාර්ෂික පරීක්ෂණයට සහභාගි වූ බවට චෝදනා ලැබූ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට තඹුත්තේගම කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා තීරණය කර ඇත.

තඹුත්තේගම මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගනයේ 07 වනදා උදෑසන පොලිස් අධිකාරිවරයා සහභාගි වූ අර්ධ වාර්ෂික පිරික්සුම් පරීක්ෂණය පවත්වා ඇති අතර ඒ මහතා පරීක්ෂණයට සහභාගි වූ නිලධාරින් දැඩි පරීක්ෂාවට ලක් කර ඇත. ඒ අවස්ථාවේ රෝගී තත්ත්වයෙන් පිරික්සුම් පෙළපාලියට සහභාගි වු කණ්ඩායමද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මහජන සම්බන්ධතා ඒකකයේ ස්ථානාධිපතිවරයාද එම කොටසේ සිටීම නිසා ඔහුගෙන් රෝගී නිලධාරින් සමඟ සිටින්නේ මන්දැයි විමසා ඇත. ඒ අවස්ථාවේ ඔහු අසනීප තත්ත්වයක් පවසා ඇතත් ඔහුගේ මුඛයෙන් මත්පැන් දුගඳක් වහනය සම නිසා වහාම ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගෙන තමන් වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත නියෝග කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]